Sunday, May 11, 2025
Home » ගාල්ලේ ට්‍රැෆික් අඩු කරන්න උමං මාර්ග­යක් හදන්න

ගාල්ලේ ට්‍රැෆික් අඩු කරන්න උමං මාර්ග­යක් හදන්න

by Gayan Abeykoon
January 9, 2025 1:00 am 0 comment

දකුණු පළාත් සංචා­රක එස්. දීය­ග­හගේ

ගාල්ල නග­රයේ පව­තින රථ­වා­හන තද­බ­දය අවම කිරී­මට සහ පදි­ක­යන්ගේ ආර­ක්ෂාව සඳහා ප්‍රධාන බස් නැව­තු­ම්පොළේ සිට සම­නල  පාලම දෙසට උමං මාර්ග­යක් ඉදි­කි­රී­මට පිය­වර ගන්නා ලෙස මුහු­දු­බඩ දුම්රිය මගී සමි­තිය රජ­යට යෝජ­නා­වක් ඉදි­රි­පත් කර­මින් ඉල්ලා සිටියි.

එම දුම්රිය මගී සමි­තියේ සභා­පති ගාල්ලේ ගුණ­පාල විතා­රණ මහතා යෝජ­නාවේ පිට­පත් ප්‍රවා­හන ඇමැ­ති­ව­ර­යාට, මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යට, ගාල්ල මහ නගර සභා­වට සහ පොලිස් අධි­කා­රි­ව­ර­යාට යව­මින් පෙන්වා දී ඇත්තේ බස් නැව­තු­ම්පොළ ඉදි­රි­පිට ගාල්ල -මාතර මහා­මා­ර්ගයේ මීටර් සිය­යක පමණ කෙටි දුර තුළ පදික මාරු­වීම් තුනක් සහ  වට­ර­වුම් දෙකක් ඇති නිසා නිත­රම අන­වශ්‍ය වාහන තද­බ­ද­යක් පව­තින බවයි.

එම­නිසා පදික මාරු­වී­ම්ව­ලින් මාරු­වී­මට බලා සිටි­න­වාට වඩා උමං මාර්ග­යක් ඉදි­ක­රන්නේ නම් පදි­ක­යන්ට ආරක්ෂා සහි­තව පාර හරහා ගමන් කළ හැකි බවද එම යෝජ­නාව මඟින් වැඩි­දු­ර­ටත් පෙන්වා දී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT