Home » භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 15වැනිදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 15වැනිදා

by chanaka
January 10, 2025 12:00 pm 0 comment

රුපියල් මිලියන එක්ලක්ෂ හත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් ජනවාරි 15දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.

වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 15 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.

මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 17 දා සිදුකිරීමට නියමිතය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT