Home » ක්ලීන් ශ‍්‍රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ

ක්ලීන් ශ‍්‍රී ලංකා උත්සවයට ලක්‍ෂ නවයයි ගියේ

by chanaka
January 10, 2025 3:28 pm 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා රුපියල් ලක්ෂ හැත්තෑවක් වියදම් වූ බවට එල්ල වන චෝදනා අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එම උත්සවයේ ගෙවීම් ලෙස අනුමත වී තිබුණේ රුපියල් ලක්ෂණ නවයක් පමණක් බවත් එයද තවමත් ගෙවා නොමැති බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අද(10) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද්දේ එම උත්සවයට අදාළ මිල ගණන් කැඳවීමේ ලේඛනයක් බවද හෙතෙම සඳහන් කළේය.

ඒවායේ ඉහළ මිල ගණන් නිසා ඒවා රජය විසින් ලබා නොගත් බවත් පැවසූ ජයතිස්ස මහතා එම උත්සවය සඳහා රුපියල් ලක්ෂණ නවයකට වඩා රජය සතයක්වත් වියදම් කර නැති බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT