Sunday, May 11, 2025
Home » ‘ට්‍රම්ප්’ ජනපති පදවියට පත්වීමට දින කිහිපයකට පෙර අද ලැබුණු දඬුවම

‘ට්‍රම්ප්’ ජනපති පදවියට පත්වීමට දින කිහිපයකට පෙර අද ලැබුණු දඬුවම

by chanaka
January 10, 2025 9:23 pm 0 comment

වැඩිහිටි චිත්‍රපට නිළියකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් අමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමක්” ලෙස හැඳින්වෙන දඬුවමක් නියම කර ඇත.

ඒ අනුව අපරාධයකට දඬුවම් නියම කරන ලද පළමු හිටපු අමෙරිකා ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත් වේ.

වැඩිහිටි නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ඩොලර් 130,000 (£105,000) ක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ඇතුළු චෝදනා 34 ක් සම්බන්ධයෙන් ට්‍රම්ප් පසුගිය මැයි මස අගදී වරදකරු විය.

ජනවාරි 20 වැනිදා රිපබ්ලිකන් නායකයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට පෙර දඬුවම් ප්‍රමාද කිරීමට ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම ගත් උත්සාහය මෙලෙස එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව, විනිසුරු ජුවාන් මර්චන් සිකුරාදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“කොන්දේසි විරහිතව නිදහස් කිරීම” යන්නෙන් අදහස් වන්නේ ට්‍රම්ප්ගේ වරද පිළිගැනීම ඔහුගේ ස්ථිර වාර්තාවේ දැක්වෙන බවයි. නමුත් ඔහුට සිර දඬුවමක්, දඩයක් හෝ පරිවාස කාලයකට මුහුණ දීමට සිදු නොවේ.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු වරදවල් යළිත් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT