Home » ඉන්දියාවෙන් මාලදිවයිනට රුපියල් කෝටි 35ක ආරක්ෂක උපකරණ

ඉන්දියාවෙන් මාලදිවයිනට රුපියල් කෝටි 35ක ආරක්ෂක උපකරණ

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ඉන්දීය රජයෙන් මාලදිවයිනට ආරක්ෂක උපකරණ සහ ගබඩා සංකීර්ණ පහසුකම් පිරිනමා ඇතැයි ද, එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 35කට ආසන්න බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මාලදිවයින් ආරක්ෂක ඇමැති ගසාන් මහමූද්ගේ ඉන්දීය සංචාරය අතරතුර එම ආරක්ෂක උපකරණ පිරිනැමීම සිදුවූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දෙරට අතර පැවැති මතභේදයක් හේතුවෙන් පසුගිය වසරේදි ඉන්දීය හමුදා නිලධාරින් මාලදිවයිනෙන් ඉවත් කරගැනීමෙන් පසු පැවැති පළමු ආරක්ෂක අමාත්‍ය මට්ටමේ හමුව මෙය බවත්, මේ හමුවේදී ඉන්දීය ආරක්ෂක ඇමැති රජ්නාත් සිං සහ මාලදිවයින් ආරක්ෂක ඇමැතිවරයා අතර ද්විපාර්ශ්වික ආරක්ෂාව සම්බන්ධව සාකච්ඡාවක් ද නවදිල්ලි නුවර පැවැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මාලදිවයිනේ වත්මන් ආරක්ෂක ඇමැතිවරයා දශක 3ක් මාලදිවයින පාලනය කළ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ගේ බාල පුත්‍රයා වන අතර, මාලදිවයිනේ වරාය විදේශීය නෞකාවලට නැංගූරම් දැමීමට අවසර දීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT