Home » ඉතිහාසයේ විශාලතම ව්‍යසනය අත්විඳින ‘ලොස් ඇන්ජලීස්‘ – ජීවිත 10ක් අළුවෙයි

ඉතිහාසයේ විශාලතම ව්‍යසනය අත්විඳින ‘ලොස් ඇන්ජලීස්‘ – ජීවිත 10ක් අළුවෙයි

by chanaka
January 10, 2025 2:50 pm 0 comment

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ප්‍රදේශ කිහිපයක තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් පවති. ඒ අනුව සීග්‍රයෙන් පැතිරයන ලැව්ගිනි හේතුවෙන් මේවන විට පුද්ගල ජීවිත 10ක් අහිමි වී ඇති බව රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

එසේම නිවාස 10,000ක් මුළු මණින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ.

පරිසරයේ වියළිභව සහ පවතින තද සුළං ගින්නට තව තවත් ශක්තිය එකතු කරමින් පැතිර යනු ලැබේ.

මේව විට පැතිර යමින් පවතින ගින්න ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ලැව් ගින්න ලෙස ශ්‍රේණිගත කර ඇත.

ලොස් ඇන්ජලීස් හි අක්කර 34,000 නොයසේ නම් වර්ග සැතපුම් 53ක් පමණ විනාශ ගින්නෙන් අළුවී තිබේ.

ලැව්ගිනි සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට තවමත් හැකිව නොමැති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

හොලිවුඩයට ඉහළින් පිහිටි හොලිවුඩ් කඳුකර ප්‍රදේශයේද ඉකුත් බදාදා ගිනි හටගත් අතර එය පාලනය කිරීමට හැකි වී තිබේ.

විශ්ලේෂකයින් පවසන්නේ ලොස් ඇන්ජලිස් ලැව්ගිනි සඳහා දේශගුණික විපර්යාස බලපෑම් ද එල්ල වී ඇති බවයි.

මෑත වසරවල කලාපයේ පාරිසරික තත්වයන් අතර සිදුව ඇති වෙනස්වීම් ලැව්ගිනි හටගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වීමට ‍හේතු වී ඇතැයි ද ඔවුන් පෙන්වා දෙයි.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හමුවේ 179,000 කට අධික පිරිසක් අවදානම් ස්ථානවලින් ඉවත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT