Home » හිටපු ඇමති පාඨලීට රට යන්න දැන් පුළුවන්

හිටපු ඇමති පාඨලීට රට යන්න දැන් පුළුවන්

by chanaka
January 10, 2025 3:20 pm 0 comment

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද(10) අවසර ලබා දී තිබේ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවයි.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද සිට ලබන අප්‍රේල් මස 20 වැනිදා දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ හිටපු අමාත්‍යවරයාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර හිටපු අමාත්‍යවරයාට අප්‍රේල් මස 20 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT