Home » පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවයි
පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන

පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවයි

සභානායක, ඇමැති බිමල් රත්නායක

by mahesh
January 10, 2025 1:00 am 0 comment

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතී උපදෙස් අනුව බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා –

පනත් කෙටුම්පත පළමුවර කියැවීම සඳහා ඊයේ ඉදිරිපත් කළ ද දෙවැනිවර කියැවීම හා තෙවැනිවර කියැවීමෙන් පසුව සංශෝධන ඉදිරිපත් කිරීමේදී අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කළ හැකියි. එබැවින් මේ මොහෝතේදී මේ සම්බන්ධයෙන් විවාද නොකර පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියැවීමේ විවාදයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකියි.

පළාත් පාලන පනත් කෙටුම්පතේ දෙවැනි පිටුවේ වගන්ති දෙක එකෙහි සඳහන් වෙනවා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා කිසිම හේතුවකට ඉදිරිපත් නොවූ හා වලංගු නොවන බව මෙයින් සලකන බවට. නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් පීඩනයට පත් වුණා. උසස්වීම්, තමන්ගේ වැටුප් වැඩිවීම් ආදිය පවා අහිමි වුණා. මේක ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම පනත තුළ ව්‍යාකූල තැන් තිබෙනවා. මැතිවරණ කොමිසම ඉල්ලීම් ද සිදුකර තිබෙනවා. මේවා සංශෝධනය කළ යුතු බවට. ජාතික ජනබලවේගයට ඇල්පිටියෙදී ඇතිවූ තත්ත්වය අපි දැක්කා. ව්‍යාකූලත්වය නිසා බහුතරය ලබා ගැනීම පවා ගැටලු සහගතයි. ඒ වගේම තවත් ව්‍යාකූල තැන් මැතිවරණ කොමිසම සඳහන් කර තිබෙනවා. කමිටුවට යොමුකරා නම් අපට සාකච්ඡා කර කෙටි කාලයක් තුළ මේකට විසඳුමක් ගන්න පුළුවන්.

සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා –

මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයක විවාදයක් දැනට ඇතිකර ගැනීමට අපි අපේක්ෂා කරන්නේ නැහැ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් අරන් තමයි ඉදිරිපත් කළේ. අද ඉදිරිපත් කර තිබෙන්නේ පළමුවර කියැවීම. දෙවැනිවර කියවීම, තුන්වැනිවර කියවීමේදී මේ සම්බන්ධයෙන් අපට සාකච්ඡා කළ හැකියි. ඒවගේම අපි සියලුම පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් තමයි මෙය ඉදිරිපත් කළේ. ඒ වගේම මේවා අපේ පෞද්ගලික දේවල් නොවෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නීති උපදෙස් ඇතිව ඉදිරිපත් කරන සංශෝධන. මේ පිළිබඳව සංශෝධන අවස්ථාවේදී සාකච්ඡා කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT