Tuesday, May 6, 2025
Home » ගලක් උඩ සිටි සහන් එක්වරම පහළ දිය වළට වැටුණා

ගලක් උඩ සිටි සහන් එක්වරම පහළ දිය වළට වැටුණා

සිරීපාදෙ ගිහින් එද්දී කටාරම් ඔයේ දිය රකුසාට බිලි වූ සිසුව‍ා‍ෙග් මිතු‍ෙරක් සාක්ෂි දෙයි

by mahesh
January 10, 2025 1:00 am 0 comment

ෙයටියන්තොට විශේෂ - සමන් එස්. රත්නායක

පාසල් යන ගමන් මගේ පුතා කුලී වැඩක් කරලා ගෙනත් දෙන මුදලෙන් අසනීප මාත් අපේ පවුලේ අයත් ජීවත් වුණා.

කිතුල්ගල කටාරම් ඔයට බිලිවූ සහන්ගේ පියා වැලපෙමින් කියයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන්නයි මගේ පුතා හිටියේ. මම අසනීපෙන් ගෙදර හිටියත් මගේ පුතා එක එක කුලී වැඩ කරල ගෙනත් දෙන මුදලෙන් අපි ජීවත් වුණේ. එයාගේ අම්ම අපිව දාල ගිහින් අවුරුදු 16ක් විතර වෙනවා. අසනීප මාව බලා ගත්තේ මගේ පුතා. අද එයා අපිව දාලා යන්නම ගිහින්” යැයි කැලණි ගං අතු ගංගාවක් වන කටාරම් ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී පසුගියදා (8) මියගිය පාසල් සිසුවකුගේ හදිසි මරණ පරීක්ෂණයේදී ඔහුගේ පියා වන කුකුලේ කංකානම්ගේ දිස්නි කුලතුංග මහතා (61) සාක්ෂි දෙමින් පැවසුවේය.

මෙලෙස දියේ ගිලීමෙන් මරණයට පත්ව තිබුණේ අළුත්ගම්ගොඩ, නවුත්තුඩුව මතුගම පදිංචි 17 හැවිරිදි කුකුලේ කංකානම්ගේ සහන් ප්‍රබෝධ මදුවන්ත කුලතුංග නමැති පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා ඇතුළුව යහළුවන් 8 දෙනකු සිරීපාදේ වන්දනා කිරීමට බස් එකකින් හොරණට පැමිණ නැවත රත්නපුර කුරුවිට එරත්න පාරෙන් සිරීපාදය කරුණා කර ඇත.

එම නඩයෙන් 4 දෙනකු මඟහැරී ඉතිරි 4 දෙනා හැටන් පාරෙන් නල්ලතන්නියේ සිට බසයකින් ආපසු එද්දී කිතුල්ගල ඥාති නි‍ෙවසක උදේ ආහාරය ගෙන දිය නෑමට කැලණි ගඟට යාබද කටාරම් ඔයට ගොස් ඇති බවත් එහිදී මෙම අනතුර සිදුව ඇති බවත් කිතුල්ගල පොලීසිය පවසයි.

මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය යටියන්තොට හදිසි මරණ පරීක්ෂක ජගත් චන්දික රූපසිංහ මහතා කිතුල්ගල රෝහලේදී සිදු කළේය.

එහිදී සාක්ෂි දුන් මියගිය දරුවාගේ පියා වන දිස්නි කුලතුංග මහතා මෙසේද පැවසුවේය.

මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. මියගොස් සිටින්නේ බාල පුතායි. මගේ බිරිය මාව දාල ගිහින් අවුරුදු 16ක් විතර වෙනවා. ලොකු පුතාල දෙන්නා විවාහ වෙලා ඉන්නේ. දුව පසුගියදා පැවති උසස් පෙළ විභාගය ලියල ප්‍රතිඵල බලාගෙන ගෙදර ඉන්නෙ. මියගිය පුතා මේ පාර සාමාන්‍ය පෙළ ලියන්න හිටියෙ. මම අසනීපෙන් ගෙදර සිටින්නේ. ඔය මියගිය පුතා එක එක කුලී වැඩ කරල ගෙනත් දෙන මුදලින් අපි ජීවත් වුණේ. ගමේ අහල පහල යාළුවො එක්ක ගමන් යනවා. පෙරේදා සවස පුතා මට ඇවිත් කිවුවා දිල්හාර පුතාලා එක්ක සිරීපාදෙ යනව කියලා. මම එපා කිවුවා. අපි ඔක්කොම එකට යමු කිව්වා. නමුත් යාළුවො එක්ක යන නිසා යන්නම් කිවුවා. අද දවල් ගමේ එක්කෙනෙක් කිවුව පුතා කිතුල්ගලදි දියේ ගිලිල මියගිහින් කියලා.

සිරීපාද ගමනට එක්වූ කේ.කේ. ලකිදු නිර්මාන් සාක්ෂි දෙමින් මෙසේ පැවසුවේය.

“මම දැනට උසස් පෙළ විභාගය ලියල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මියගොස් තියෙන්නේ මගේ හොඳම මිත්‍රයෙක්. අපි හැමදේටම නිතර මුණගැහෙනව. මම මීට කලින් එයාගෙ ඉස්කෝලෙ අයත් එක්ක විනෝද ගමන් ගිහින් තියෙනවා. මම උසස් පෙළ ඉවර වුණාම සිරීපාදේ යන්න කතා කරගෙන තිබුණේ. සිරීපාදෙ යන්න සීත කබායක් ඉල්ල ගන්න දිල්හාන් අයියාගේ ගෙදර ගියා. ඒ වෙලාවෙ සහන් දිල්හාන් අයියාගෙ ගෙදර හිටිය. එයත් එන්නම් කිවුවා. නඩයට 8 දෙනෙක් සහභාගි වුණා. නමුත් ගමන යද්දි 4 දෙනෙක් මඟ ඇරුණා. අපි තීරණය කළ විදිහට හැටන් පාරෙන් පහළට බැස්සා. නල්ලතන්නියෙන් කොළඹ බස් එකක නැග්ගා. බාප්පා කිතුල්ගල ඉන්න නිසා එහෙන් උදේ කෑම කාල යමු කියල බාප්පට කෝල් කරල එනව කිවුවා. එහෙදි කෑම කෑවා.

පස්සෙ කටාරම් ඔයෙන් නාගෙන යන්න බලාගෙන පිටත් වුණා. බාප්පගේ පුතත් අපි එක්ක ආව. අපි උඩ පොඩි වළක නෑවා. උඩවල ගාව ගල උඩ හිටිය සහන් එක පාරටම ලිස්සල ගිහින් පහළ ලොකු කටාරම්වලට වැටුණා. ඒ වළ කළුම කළු පාටයි. සහන් දිය යටට ගියා.”

මියගිය සිසුවාගේ පස්චාත් මරණ පරීක්ෂණය කිතුල්ගල දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය එච්.එම්.බී.කේ. හේරත් මහතා විසින් සිදු කළ අතර ලබා දුන් සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව දියේ ගිලී සිදුවූ හදිසි මරණයක් බවට හදිසි මරණ පරීක්ෂක ජගත් චන්දික රූපසිංහ මහතා තීන්දු ක‍ෙළ්ය.

හදිසි මරණ පරීක්ෂකවරයා මෙහිදී සඳහන් කළේ අත්දැකීම් අඩු මෙවන් පාසල් දරුවන් තනිව ගමන් බිමන් යැවීමේදී මවුපියන් මීට වඩා සැලකිලිමත් වියයුතු බවයි. එසේ වූවානම් අද මෙවන් දුකක් මවුපියන්ට අත්නොවන බවත්ය.

කිතුල්ගල පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එදිරිසූරිය මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් (106100) ටී.පී.ජී.එන්.කේ. සත්සර මහතා විමර්ශන කටයුතු සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT