Home » රටේ ජයග්‍රහණය උදෙසා එකතු වී කටයුතු කළ යුතුයි

රටේ ජයග්‍රහණය උදෙසා එකතු වී කටයුතු කළ යුතුයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති

by mahesh
January 10, 2025 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

“රටේ ජයග්‍රහණය උදෙසා එකතු වී කටයුතු කළ යුතු කාලයකට අපි එළඹ සිටිනවා” යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය දා වරාය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

පසුගිය වසරේ ලබා ගත් ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් තමන්ට භාර වී තිබෙන වගකීම් සමුදාය මැනවින් ඉටු කිරීමට සැම දෙනාම දායක විය යුතු බව ද පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” යන රජයේ ජනතාවාදී වැඩපිළිවෙළ මඟින් මුළු රටේම පරිසරය පිරිසුදු කරමින් ප්‍රශස්ත සමාජ, ආර්ථික වටපිටාවක් උරුම කර ගැනීමට කටයුතු කළ යුතුව ඇති බවයි.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඉංජිනේරු හේරත් ජයවර්ධන, කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT