විදේශ පුහුණුව අවසන් කර පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් පුරප්පාඩු සහිත රජයේ රෝහල්වලට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර හෙද සිසු කණ්ඩායම මේ වර්ෂයේ පළමු කාර්තුව තුළ බඳවා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තචදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
රජයේ රෝහල් පද්ධතිය තුළට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගිය කාලයේ බඳවා ගත් ආකාරය සම්බන්ධයෙන් ගැටලු පැවතිනවා. එම ගැටලු නිරාකරණයට නිශ්චිත ක්‍රමවේදයක් සකස් කරමින් තිබෙනවා.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. ඉදිරියේදී ඒවා නිරාකරණය කරමින් රට පුරා සමස්ත රජයේ රෝහල් පද්ධතිය සක්‍රීයව ක්‍රියාවට නැංවීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා. රජයේ රෝහල් පද්ධතිය තුළ සේවය කළ යුතු බවට අනුමත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2837ක් වුවද, දැනට සේවයේ නියුතු වන්නේ 2004ක් බවත් 2022 සිට 2024 නොවැම්බර් දක්වා 59ක් සේවය හැර ගොස් ඇති අතර 4ක් සේවයෙන් ඉල්ලා අස් වුණා.
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ වෛද්‍ය නිලධාරීන් 22,701ක් සිටිය යුතු බවට අනුමත කර තිබුණත්, දැනට සේවයේ සිටිනුයේ 21,496ක් පමණයි. වෛද්‍ය නිලධාරීන් 400ක් සේවයෙන් ඉල්ලා අස් වී ඇති අතර 628ක් සේවය හැර ගොස් තිබෙනවා. හෙද නිලධාරීන් අනුමත කාර්ය මණ්ඩලය 44,665ක් වන අතර දැනට සේවය කරනුයේ 41,876ක් බවත් 630ක් සේවය අතහැර ගොස් ඇති අතර වසර 20න් පසුව විශ්‍රාම ලැබූ හෙද නිලධාරීන් සංඛ්‍යාව 104ක් පමණයි. පරිපූරක වෛද්‍ය නිලධාරීන් අනුමත සංඛ්‍යාව 6950ක් වන අතර දැනට 5666ක් සේවයේ නියුතුව සිටියි. 30ක් ඉල්ලා අස් වී ඇති අතර 154ක් සේවය හැර ගොස් තිබේ. අතුරු වෛද්‍ය සේවා අනුමත කාර්ය මණ්ඩලය 17,656ක් වන අතර දැනට 13,745 සේවයේ නියුතු බවත් 7ක් ඉල්ලා අස්ව ඇති අතර 48ක් සේවය හැර ගොස් තිබෙනවා.
කනිෂ්ඨ සේවා නිලධාරීන් අනුමත සංඛ්‍යාව 58,445ක් වන අතර දැනට 48,882ක් සේවයේ නියුතු අතර 677ක් සේවා හැර ගොස් තිබෙනවා.