Home » ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වන විට මාධ්‍යයට චෝදනා කිරීම සුදුසු නැහැ

ජනතා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වන විට මාධ්‍යයට චෝදනා කිරීම සුදුසු නැහැ

මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by mahesh
January 10, 2025 1:00 am 0 comment

මැතිවරණ කාලයේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වන විටදී මාධ්‍යයට චෝදනා එල්ල කිරීම වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය.

පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

මැතිවරණ කාලයේ පොරොන්දු දෙනකොට කීවේ එක පෑන් පහරෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා. ඒක අපි නෙවෙයි කීවේ, දැන් බලයේ ඉන්න අය තමයි ඒක කීවේ. හාල් පිටරටින් ගේන්න ආණ්ඩුවක් ඕනද කියලා ඔබලා ඇහුවා. ඒවා පදනම් කරගෙන තමයි අපි මේ ප්‍රශ්න අහන්නේ. විපක්ෂය මඟින් කුමක් හෝ කාරණාවක් මතු කළ විට ඒ ගැන යට ගැසීමට ආණ්ඩුව මොකක් හරි කියනවා. ආණ්ඩුවේ නොහැකියාව මර්දනය තුළින් යටපත් කරන්න හිතනවා නම් එය කළ නොහැකියි. මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ගැටලු ආණ්ඩුවට තිබෙනවා නම් ඒ ගැටලුව සමස්ත මාධ්‍යවේදීන් තුළින්ම නොයැවිය යුතුයි. මැතිවරණ කාලයේ කී බොරු යථාර්ථයක් කර ගැනීමට නොහැකි වන විට ඒකට මාධ්‍ය පලි නැහැ. ආයෝජකයන්ට එන්න කියනවා.

ඔවුන්ට පැමිණීම සඳහා තිබෙන පරිසරය කුමක්ද? ඕනෑම පරිවර්තනයකට කාලයක් යන බව අපි දන්නවා. නමුත් ඒ සඳහා තිබෙන වැඩපිළි‍වෙළ මොකක්ද? ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළේ අරමුණ අපි දැන ගත්තෙත් ඊයේ.

ත්‍රිවිධ හමුදාවම දාලා ක්ලීන් ශ්‍රී ලංකා කරන විට අනෙක් පැත්තෙන් පාතාලය හිස ඔසවනවා. බස් රථ, ත්‍රිරෝද රථ මොඩිෆයි කරන එක වැරැද්දක් නොවෙයි. ඒ කර්මාන්තය බිඳවැට්ටවීමට කටයුතු නොකරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT