Home » කැබ් රථය-ත්‍රීවීලරය මුහුණට මුහුණ ගැටී මාස නවයක බිලිදා මරුට

කැබ් රථය-ත්‍රීවීලරය මුහුණට මුහුණ ගැටී මාස නවයක බිලිදා මරුට

හයක් තුවාල ලබා රෝහලේ

by mahesh
January 10, 2025 1:00 am 0 comment

සිරිපුර මදුශානි අබේසිංහ

පොලොන්නරුව – සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේදී පෙරේදා (08) රාත්‍රී නවයට පමණ ඩබල් කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් මාස නවයක පිරිමි දරුවකු මියගොස්, ත්‍රිරෝද රථයේ රියැදුරු ඇතුළු තවත් හය දෙනකු බරපතළ තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලීසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ අංක 19 නව ගම්මානය, කලහගල යන ලිපිනයේ පදිංචි කේ. සෙනුල් සස්මික යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලොන්නරුව පොලීසිය පවසයි. රෝහල්ගත කළ අයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය. සෝමාවතිය සිට පොලොන්නරුව දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථය, පොලොන්නරුවේ සිට සෝමාවති දෙසට ගමන් කරමින් තිබූ ඩබල් කැබ් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ සිදු කරන පොලීසිය පැවැසීය.

නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුව බවත්, අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලොන්නරුව පොලීසිය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT