සාමාන්‍ය වෛරසය “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශය සදහන් කරයි.
මෑතකදී චීනයේ HMPV නම් වෛරසයට ගොදුරු වූ රෝගීන් සංඛ්‍යාව වැඩි වූ අතරම චීනයේ “නාඳුනන වෛරසයක් ” බිහි වූ බවට අන්තර්ජාලයේ වාර්තා වී තිබුණි.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදාළ තොරතුරු පැහැදිලි කර තිබේ.
වාර්තමානයේ චීනයේ ශ්වසන රෝග පැතිරයාමේ පරිමාණය හා ප්‍රබලතාව පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව අඩු වූ බව ඒ මහතා පෙන්වා දී ඇත.
වසර 60කට අධික කාලයක් මිනිසුන් අතර පවතින HMPV වෛරසය, ශ්වසන රෝග ඇති කරන සාමාන්‍ය වෛරසයකි.
සාමාන්‍ය වෛරසයත් නාඳුනන වෛරසයක් ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බවත් එය විද්‍යාවට අනුකූල නොවන බවයි වාර්තා වේ.
චීන රජය සැම විටම සිය ජනතාව හා චීනයේ සිටින විදේශිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා වැදගත් කොට සලකයි.
නිසි පියවර ගනිමින් චීනය දෙස් විදෙස් සංචාරකයන් සඳහා සැපවත් මෙන්ම සුරක්ෂිත සංචාරක පරිසරයක් වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවයි Guo Jiakun සදහන් කර තිබේ.