Home » අලුත් දිවුල්වැව වැව් බැම්මේ ජල කාන්දුවක්

අලුත් දිවුල්වැව වැව් බැම්මේ ජල කාන්දුවක්

by chanaka
January 11, 2025 12:46 pm 0 comment

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි අලුත්දිවුල් වැව ජලාශයේ වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

ඊයේ (10) පෙරවරුවේ එහි ජලකාන්දුවක් හඳුනාගෙන ඇති අතර වැලි කොට්ට යොදා ජල කාන්දුව පාලනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, යුද හමුදාව සහ ගම්වාසීන් උත්සාහ ගෙන තිබුණි.

ජලාශයේ දකුණු සොරොව්ව වෙත ගමන් කිරීමට සකසා ඇති පස් බැම්මේ මෙම ජල කාන්දුව හටගෙන තිබූ අතර එම කාන්දුව සිදුවන ස්ථානය වසා දැමීමට මේ වන විට කටයුතු කළත්, පසුව එම කාන්දුවෙන් යළිත් ජලය පිටතට පැමිණීමට පටන් ගෙන තිබේ.

ඒ අනුව, මෙම වැව් බැම්ම කැඩී යාමේ අවදානම සලකා පවුල් 30ක් පමණ ගම්මානයෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි .

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ පිහිටි දිවුල්වැව මහා විදුහල වසා දැමීමට තීරණය කර ඇති අතර වැව කැඩීයාමේ අවදානම හේතුවෙන්.දුටුවැව සිට යකල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද සීමා කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.කේ. ජයන්ත ද සිල්වා මහතා පවසන්නේ, අලුත්දිවුල් වැව ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 7200ක් වුවත් පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග වාරිමාර්ග ඔස්සේ ජලාශයට වැඩි ජල ප්‍රමාණයක් එක් රැස්ව ඇති බවය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT