Home » Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

Clean Sri Lanka ගැන ඉහළ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්

by chanaka
January 12, 2025 7:44 am 0 comment

Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් සියලු රාජ්‍ය සේවකයින් ලබන 25 වැනිදාට පෙර දැනුවත් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘතිය පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ කටයුතු මේවන විට අවසන් කර තිබේ.

Clean Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයින්ගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු කර තිබුණි.

කෙසේවෙතත්, දිස්ත්‍රික් මට්ටමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් වැඩසටහන පිළිබඳ සෙසු රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කළ යුතු බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කර අත්තේ එම කටයුතු කඩිනමින් අවසන් කළ යුතුව ඇති බවයි.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මකය.

2025 ජනවාරි මස 01 වැනිදා සිට මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඊට අදාළව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT