Saturday, May 3, 2025
Home » නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දිවුරුම් දෙයි

by yasara
January 12, 2025 12:49 pm 0 comment

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, මේනකා විජේසුන්දර මහත්මිය, සම්පත් බී. අබේකෝන් මහතා සහ එම්.එස්.කේ.බී.විජේරත්න මහතා ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස  දිවුරුම්  දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT