Home » තෛයිපොංගල් සහ සති අන්ත නිවාඩුව වෙනුවෙන් වි‍ශේෂ දුම්රිය 4ක්

තෛයිපොංගල් සහ සති අන්ත නිවාඩුව වෙනුවෙන් වි‍ශේෂ දුම්රිය 4ක්

by chanaka
January 12, 2025 7:34 am 0 comment

ලබන 14 වැනිදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබේ.

ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බව දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර මහතා පැවසීය.

එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ගමන් කරනු ඇත.

අනෙක් දුම්රිය පස්වරු 5: 40ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මීට අමතරව වි‍ශේෂ නගරාන්තර දුම්රියක් අලු‍යම 5: 30ට කොළඹ කොටුවෙන් කන්කසන්තුරය දක්වා ගමන් කරන අතර, පස්වරු 1: 50ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කිරීමටත් කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT