Sunday, May 11, 2025
Home » තෛපොංගල් කිරිබත හදන්න කෝලම් රටා මුට්ටි ඇවිත්

තෛපොංගල් කිරිබත හදන්න කෝලම් රටා මුට්ටි ඇවිත්

by sachintha
January 13, 2025 1:25 am 0 comment

හින්දු බැතිමතුන් හෙට (14) තෛපොංගල් දිනය සමරන අවස්ථාව වන විට උතුරේ බොහෝ ප්‍රදේශවල නානාවිධ දේ සිදුවෙයි.

තෛපොංගල් දිනයේ චාරිත්‍රවලට වඩා වාණිජත්වයට මෙම උත්සවය කෙමෙන් කෙමෙන් නැඹුරු වන බවක් අපට මේ වසරේ තෛපොංගල් සමයේ දී යාපනයේදී දක්නට ලැබුණි.

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ වෙළෙඳසල් ගණනාවකම තෛපොංගල් කිරිබත් පිසීම සඳහා යොදා ගැනීමට විවිධ මෝස්තරවලින් අලංකාරයෙන් සරසන ලද මුට්ටි සිය ගණනක් නොයෙක් හැඩයෙන් වෙළෙඳපොළට එක්වී තිබුණි.

අතීතයේ සිට මේ දක්වා තෛපොංගල් දිනයේ කිරිබත පිසීමට යොදා ගන්නා මුට්ටිය සිත්තම් කළේ නිවසේ ගෘහිණිය විසිනි.

ඊට හින්දු බැතිමතුන් සඳහන් කළේ ‘කෝලම් ඇඳීම’ ලෙසයි. කිරිබත් පිසින මුට්ටියේ ද, මුට්ටිය ළිප තබන ස්ථානය වටාද ඔවුන් කෝලම් ඇඳ ඒ බිම පූජනීය බිමක් බවට පත් කළහ. නමුත් මේ වසරේ බොහෝ චාරිත්‍ර උඩු යටිකුරු වී තිබෙනු දක්නට ලැබීම හින්දු සංස්කෘතියේ විශාල විනාශකාරී පරිවර්තනයක් ලෙස බොහෝ දෙනෙකු හැඳින් වූහ.

තම ජීවිතයේ පළමු වතාවට විවිධ මෝස්තරවලින් අලංකාරයෙන් සරසන ලද මුට්ටියක තෛපොංගල් කිරිබත පිසීමට ආශාවක් උපන් ගෘහිණියෝ එවැනි අලංකාර මෝස්තර මුට්ටි මිලට ගනිමින් සිටියහ. ඒ අතරවාරයේ පැරණි මැටි මුට්ටිද නවීන වෙළෙඳපොළට එක් වූ ඇලුමිනියම් මුට්ටිද මෙවර තෛපොංගල් සමයේ උතුරේ සෑම පළාතකම දැකිය හැකිය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT