Saturday, May 10, 2025
Home » කොළඹ-පස්සර බසය මාර්ගයෙන් ඉවතට

කොළඹ-පස්සර බසය මාර්ගයෙන් ඉවතට

by sachintha
January 13, 2025 1:27 am 0 comment

කොළඹ සිට පස්සර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් පෙරේදා (11) උදෑසන ගමනාන්තයට කිලෝමීටර් 5ක් පමණ තිබිය දී පස්සර 9 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුළත් කෙරුණු බව පොලීසිය පවසයි.

ප්‍රදේශයට පවතින අධික මීදුම සහ වැසි කාලගුණ තත්ත්වයත් සමඟ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බසය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයට නොවැටී ගසක රැඳී නැවතී තිබෙන බවත් ප්‍රපාතයට බසය පෙරළී ගියේනම් මගීන් විශාල පිරිසකට ජීවිත පවා අහිමිවීමට ඉඩ තිබූ බවත් පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බසය පදවා ඇත්තේ බසයේ කොන්දොස්තරවරයා බවත් ඔහු සතුව රියැදුරු බලපත්‍රයක් නොතිබූ බවත් පැවසෙන අතර කුරුවිට ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන ඔහු පස්සර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් පස් දෙනෙකු සුළු තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුළත් කොට තිබේ. බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 6ක් හා අවුරුදු 33ක් වන දෙදෙනෙකු, පස්සර ගෝනකැලේ පදිංචි 44 හැවිරිදි අයෙකු, පස්සර ඩැමේරියා වත්ත පදිංචි 27 හැවිරිදි අයෙකු හා පස්සර ඇල්ටබ් වත්තේ පදිංචි 38 හැවිරිදි අයෙකු මෙසේ රෝහල්ගත කර ඇති අතර පස්සර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න, ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT