මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම අත්සන් කෙරේ. සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ දී හජ් උප ඇමැති අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් මහතා විසින් පෙරේදා (11) මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබීය.
එසේ ම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන් ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳ ව ඉතා සාර්ථක ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් ද එහි දී පැවැත්විණ. මීට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති ෂෙයික් මුනීර් මුලෆ්ෆර්,රියාද්හි ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම් නවාස් සහ ජෙඩා හි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල් මහ්ෆූසා ලෆීර් ඇතුළු පිරිසක් එක්වුහ.
නෙරංජලා වික්‍රමසිංහ