Home » සමහර ප්‍රශ්නවලට ගිනි නිවන හමුදාව වගේ උත්තර දෙන්න බැහැ

සමහර ප්‍රශ්නවලට ගිනි නිවන හමුදාව වගේ උත්තර දෙන්න බැහැ

-ඇමැති බිමල් රත්නායක

by sachintha
January 13, 2025 1:34 am 0 comment

හදිසි ප්‍රශ්නවලට හදිසි උත්තර තෝරන්න පුළුවන් වුණාට සමහර ප්‍රශ්නවලට හදිසි උත්තර තෝරන්න නොහැකි යැයි ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන්සේවා හා වරාය ඇමැති බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තවදුරටත් ඒ මහතා මෙසෙද පැවසීය.

මේ සති දෙක තුළ නැව් 30ක් ආපසු හැරි ගොස් තිබෙනවා. අපි මේ කරන්න හදන දේවල් මීට අවුරුදු හතර පහකට කලින් කරන්න තිබූණා.ඒවා සිදු කර තිබුණේ නම් අද මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ.එමෙන්ම සමහර ප්‍රශ්නවලට ගිනි නිවන හමුදාව වගේ උත්තර සෙවීම කළ නොහැකි බව කිවයුතුයි.

පැය 24ක් වැඩ කරන්න එකගතාවයට පැමිණියා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළම රේගු පරීක්ෂණ කිරිමෙන් විශාල ආදායමක් වරාය අධිකාරියට ලැබෙනවා. ශ්‍රී ලංකා වාප්පු සේවා සංගමයේ සභාපති රන්ජිත් ලියනාරච්ච් මහතා එහිදි මාධ්‍යයට අදහස් දක්වමිණී පැවැසීය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT