Tuesday, May 6, 2025
Home » මොරගහඅතුර පාරේ බොක්කුව මරු කපොල්ලක්

මොරගහඅතුර පාරේ බොක්කුව මරු කපොල්ලක්

-කඩිනමින් පිළිසකර කර දෙන්නැයි ගම්මුන්ගෙන් ඉල්ලීම්

by sachintha
January 13, 2025 1:13 am 0 comment

වසර කිහිපයක සිට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලවින්න හා මොරගහඅතුර ගම්මානයට යන මාර්ගයේ බොක්කුවක් කඩා වැටී ගමනාගමනයට දුෂ්කරතා මතුවී ඇති බව මොරගහඅතුර ප්‍රදේශවාසීහු පවසති.

මොරගහඅතුර ගම්මානයේ පවුල් 500කට ආසන්න ප්‍රමාණයක් ජීවත්වන අතර එම ගම්මානය වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන මොරගහඅතුර- බලවින්න මාර්ගයේ ට්‍රාන්ස්පෝමරය අසල බොක්කුවක් මෙසේ කඩා වැටී ඇති බැවින් වාහන ගමනාගමනයට හැකියාවක් නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති.

වසර දෙකකට පමණ පෙර මෙම බෝක්කුව කඩා වැටුණු බවත්, එය පිළිසකර කර දෙන ලෙස විවිධ ආයතන වෙත දැනුම් දී ඇතත් එය අලුත්වැඩියා කරන බවට අවස්ථා ගණනාවකදී දේශපාලන කණ්ඩායම් මැතිවරණ පොරොන්දු ලබා දුන්න ද මේ වන තෙක් එය ඉටුවී නොමැති බවද ජනතාව පවසති.

දැඩි ලෙස අබලන්ව ඇති මෙම ස්ථානය කඳු පාමුලක පිහිටා ඇති බැවින් මාරක අනතුරක් සිදුවීමේ දැඩි අවදානම් තත්ත්වයක් ඇත. රාත්‍රී කාලයේදී මෙම ස්ථානය මරු කපොල්ලකි. එම බොක්කුව අබලන් බවට හා අවදානම් සහිත බව දැක්වීමට ක්‍රමයක්ද මෙම ස්ථානයේ සවිකර නොමැත. එබැවින් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානය කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි.

රක්වාන ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT