Home » කඳුබොඩ නාලන්දා මහා විදුහලේදී දානමය පින්කමක්

කඳුබොඩ නාලන්දා මහා විදුහලේදී දානමය පින්කමක්

by sachintha
January 13, 2025 1:14 am 0 comment

දෙල්ගොඩ කඳුබොඩ නාලන්දා මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පැවරීම සහ පාසල වෙනුවෙන් ඉඩකඩම් ලබාදුන් අය ඇතුළු පාසලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ සියලුදෙනා සිහිපත් කරමින් විද්‍යාලයීය ප්‍රජාව විසින් පාසල වෙත භික්ෂූන් වහන්සේලා වැඩම කරවා සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඉකුත් 10 වැනිදා දහවල් සිදු කළහ.

1892 වර්ෂයේ ආරම්භ කර ඇති කඳුබොඩ මහා විද්‍යාලය වර්තමානයේ නාලන්දා මහා විද්‍යාලය නමින් හඳුන්වයි. ප්‍රතිසංස්කරණය කළ ප්‍රධාන ශාලාව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය හිටපු විභාග කොමසාරිස් බෝගොඩ පේමරත්න නමින් නම් කිරීම මෙදින සිදු කෙරිණි. ගුරු භවතුන්, ⁣සිසු දරුවන් හා මාපියන් විසින් මෙම පින්කම සංවිධානය කර තිබුණි.

දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT