අගලවත්ත හා කළුතර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක් එක්ව ශ්‍රීපාද වන්දනා කරන බැතිමතුන් වෙනුවෙන් සංවිධාන කළ ප්‍රථමාධාර කඳවුරක්, තේ පැන් දන්සලක් සහ කසළ එකතු කිරීමේ දෙදිනක වැඩසටහනක් පසුගියදා කුරුවිට එරත්න මාර්ගයේදී සිදු කෙරිණි.
මෙවර 2025 ශ්‍රීපාද වන්දනා සමයට කුරුවිට එරත්න මාර්ගයේ ශ්‍රීපාදය වන්දනා කිරීමට යන 500ක් පමණ බැතිමතුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
කසළ එකතු කිරීමේ වැඩසටහන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොඩ්නි රූපසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අතර කුරුවිට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ.ඩී වනසිංහ, පලාබද්දල මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී. කුමාර යන මහත්වරු විසින් මේ සඳහා සම්බන්ධීකරණ දායකත්වය ලබා දී තිබිණි.
කළුතර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක තිළිණ උදයංග, සම්පත් ප්‍රියංකර, එස්. එදිරිමාන්න, මිහිරාන් සරත්චන්ද්‍ර, චේතන එදිරිසිංහ සහ දිමුතු සුරංජිත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු මේ අවස්ථාවට එක් වූ අතර ලක්ෂ්මන් සහ එච්. අජිත් සහායකයන් වශයෙන් සහභාගී වූහ.
මීගහතැන්න – සමූහ
අගලවත්ත – ජේ.ඒ.ඩී. මහීපාල