33
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මඩකලපුව බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මඩකලපුව බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් විසින් අද උදෑසන මහා ශ්‍රමදානයක් කරන ලදි. මඩකලපුව බන්ධනාගාර අධිකාරී එන්. ප්‍රභාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් රැසක් සහභාගි වූහ.
මඩකලපුව මහ නගර සභාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාංශය පූර්ණ සහයෝගය ලබාදී ඇත.
බන්ධනාගාර අවට සහ ආනයිප්පන්දි මුරුගන් කෝවිල් ප්‍රදේශය මෙන්ම රෝහල් පාර ඇතුළු තවත් බොහෝ ප්‍රදේශ පිරිසිදු කිරීම විශේෂත්වයකි.
මඩකලපුව සමූහ – ටී.එල්. ජව්ෆර්කාන්