Saturday, May 3, 2025
Home » සියඹලා මිල ඉහළට

සියඹලා මිල ඉහළට

by sachintha
January 13, 2025 12:20 am 0 comment

දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟයත් සමඟ හැටන් ප්‍රදේශයේ සියඹලා කිලෝවක් රුපියල් 2000ක සිල්ලර මිලකට අලෙවි කිරීමට සිදු වී ඇති බව වෙළෙන්දෝ පවසති.

රු. 350 – 400 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කළ සියඹලා කිලෝවක් පවතින හිඟයත් සමඟ රුපියල් 2000කට අලෙවි කිරීමට සිදු වී ඇති බව වෙළෙඳුන් සඳහන් කළේය.

මේ දිනවල සියඹලා ගස්වල අස්වැන්න නොමැති බවත්, මාර්තු මස අග පමණ වන විට සියඹලා පලදාව ලබාගන්නා තෙක් මෙම හිඟය පවතින බව වෙළෙඳුන් සඳහන් කරයි.

හින්දු ජනතාව ව්‍යාංජන පිළියෙල කිරීමේදි සියඹලා බහුල වශයෙන් භාවිත කරන අතර, හින්දු ජනතාව විසින් පිළියෙල කරනු ලබන මිරිස් හෝදදට සහ තෛපොංගල් දින උත්සවයට සියඹලා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වෙයි.

හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT