Home » ශකීබ් දෙවැනි පරීක්ෂණයත් ෆේල්

ශකීබ් දෙවැනි පරීක්ෂණයත් ෆේල්

by sachintha
January 13, 2025 1:16 am 0 comment

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් සිදු කළ දෙවැනි පරීක්ෂණයෙන් ද අසමත් වී තිබේ. මේ හේතුවෙන් ඔහුට ඉදිරියේදී ජාත්‍යන්තර හෝ දේශීය ක්‍රිකට් තරගවලදී පන්දු යවන්නකු ලෙස කටයුතු කළ නොහැකි වන අතර, පිතිකරුවකු ලෙස පමණක් ක්‍රීඩා කිරීමට සිදුව තිබේ.

මින් පෙර එංගලන්තයේදී සිදු කළ පළමු පරීක්ෂයෙන් අසමත් වූ ශකීබ් පසුගිය මාසයේ යළිත් දෙවැනි පරීක්ෂණයට මුහුණ දුන්නේය.

පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ශකීබ්ට පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනාව එල්ල වූ අතර, පළමු පරීක්ෂණයෙන් අසමත් වීමෙන් පසු ඔහුට පන්දු යැවීමේ තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

දෙවැනි පරීක්ෂණයෙන් අසමත්වීමෙන් පසු පැනවූ තහනම හේතුවෙන් ශකීබ්ට ලබන මස පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතයට එක් වීමේ අවස්ථාව ද අහිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT