Home » බ්‍රිතාන්‍ය හින්දු ප්‍රජාව ලිංගික අපරාධ කල්ලි ගැන ජාතික මට්ටමේ විමර්ශනයක් ඉල්ලයි

බ්‍රිතාන්‍ය හින්දු ප්‍රජාව ලිංගික අපරාධ කල්ලි ගැන ජාතික මට්ටමේ විමර්ශනයක් ඉල්ලයි

by sachintha
January 14, 2025 1:49 am 0 comment

බ්‍රිතාන්‍ය පුරා පැතිරී ඇතැයි කියන දරුවන් සහ යොවුන් තරුණියන් ඉලක්ක කර ගත් ලිංගික අපරාධ කල්ලි සම්බන්ධව ජාතික මට්ටමේ විමර්ශනයක් සිදු කරන ලෙස එරට හින්දු කවුන්සිලය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ඉල්ලීම කර ඇත්තේ මීට දශකයකට පෙර ලන්ඩන් නුවරදී දූෂණයට ලක්වූ දහසකට වැඩි බාලවයස්කාර දැරියන්ට මෙතෙක් යුක්තිය ඉටු වී නැති බවටත්, එවැනි ලිංගික අපරාධ කල්ලි තවමත් එංගලන්තය පුරා ක්‍රියාත්මක වන බවටත් පසුගියදා ඉලෝන් මස්ක් විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බාලවයස්කාර දැරියන් රවටා ඔවුන් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගනිමින් දූෂණයට ලක් කිරීමේ සිදුවීම්වලට මුල් වූ ලිංගික අපරාධ කල්ලි නීතියේ රැහැනට කොටු කර ගැනීමත්, බ්‍රිතාන්‍ය පුරා සිටින විවිධ ජාතීන්ට අයත් බාලවයස්කාර දැරියන් ආරක්ෂා කරගැනීමත් බ්‍රිතාන්‍ය රජයේ වගකීමක් බව එරට හින්දු කවුන්සිලය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මීට දශකයකට පමණ පෙර ‘රොදර්හැම් අපකීර්තිය‘ නමින් ප්‍රකට වූ එම සිදුවීමට සම්බන්ධවූවන්ගෙන් 90% කට වැඩි පිරිස පාකිස්තාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියන් බව හෙළි වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT