Home » වැඩ බලන අැමැතිවරු 5ක් පත් කෙරෙති

වැඩ බලන අැමැතිවරු 5ක් පත් කෙරෙති

by sachintha
January 14, 2025 12:30 am 0 comment

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන ඇමැතිවරු පත්කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මෙසේ වැඩබලන ඇමැතිවරු පත් කර ඇත. ඩිජිටල් ආර්ථික වැඩබලන ඇමැති ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න,

ආරක්ෂක වැඩබලන ඇමැතිවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන ඇමැති ලෙස කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරු පත් කර තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන ඇමැතිවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිරුන් හේමචන්ද්‍ර මහතාත් ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන ඇමැතිවරයා ලෙස ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතාත් පත් කර තිබේ.

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT