නීත්‍යනුකූල බලපත්‍රයක් සහිතව ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකින් රුපියල් 11000ක මුදලක් බලෙන් ලබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වීරවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි වීරවිල පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වීරවිල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බවද පොලීසිය සඳහන් කරයි.
මෙම නිලධාරින් සිවු දෙනා ඉකුත් 10 දා රාත්‍රී 11ට පමණ වීරවිල පොලිස් වසමේ 19 කොලනිය ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයේ යෙදි සිටියදී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නවතා පරීක්ෂා කර ඇති බවත්, එහිදී ලොරි රථයේ නීත්‍යනුකූල බලපත්‍රයක් සහිතව ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් එහිදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් අදාළ ලොරි රථ රියැදුරුට එරෙහිව සත්ත්ව හිංසාව යටතේ නඩු පවරන බවට බියගන්වා ඔහුගෙන් රුපියල් 11000ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් වීරවිල පොලිස් ස්ථානය විසින් අදාළ නිලධාරීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මූලික විමර්ශනයේදීද හෙළිව තිබූ බවත් පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි වීරවිල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සූරියවැව විශේෂ – නුවන් ජයසේකර