Home » හින්දු ආගමික රැඳවූවන්ට තෛපොංගල් දා අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක්

හින්දු ආගමික රැඳවූවන්ට තෛපොංගල් දා අමුත්තන් හමුවීමට විශේෂ අවස්ථාවක්

by sachintha
January 14, 2025 12:31 am 0 comment

බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවූවන්ට තෛපොංගල් උත්සවය යෙදෙන අද (14) දින අමුත්තන් හමුවීම සඳහා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව සලසා දී ඇත. හින්දු ආගමික රැඳවූවන් හමුවීම සඳහා පැමිණෙන ඥාතීන් රැගෙන එන ආහාර හා රසකැවිලි එක් රැඳවූවකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. ඒ අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හා බන්ධනාගාර නීතිරීතිවලට අනුව රැඳවූවන්ට අමුත්තන් හමුවීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාරයන් තුළ සිදුකරන බව ද ඒ මහතා කීය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT