Home » කන්දේ විහාරය වඳින්න සුදුවතින් සැරසුණු ජර්මන් කතුන් ඇවිත්

කන්දේ විහාරය වඳින්න සුදුවතින් සැරසුණු ජර්මන් කතුන් ඇවිත්

by sachintha
January 14, 2025 1:49 am 0 comment

දුරුතු පොහෝ දින ඊයේ (13) ඓතිහාසික කන්දේ විහාරයේදී ආගමික වතාවත් සඳහා දෙස් විදෙස් බැතිමත්හු පිරිසක් පැමිණ සිටියහ. දසදහස් ගණනක බැතිමතුන් අතර ජර්මනියෙන් මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරක කාන්තාවන් කණ්ඩායමක් සුදුවතින් සැරසී මල් පහන් පූජා කර ආගමික වතාවත්වල යෙදුණු ආකාරය දැකගත හැකි විය.

ඓතිහාසික කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පින්කම් රැසක් ද සංවිධානය කර තිබිණ.

අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT