Sunday, May 11, 2025
Home » ජනපති අනුරට චීනයේදී මහත් හරසර

ජනපති අනුරට චීනයේදී මහත් හරසර

by sachintha
January 15, 2025 1:33 am 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

එරට වේලාවෙන් ඊයේ (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ජනාධිපතිවරයා ළඟා වූ අතර එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ ඇමැති චෙන් ශියාඩොන් මහතා ජනාධිපතිවරයාව පිළිගත්තේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබූ අතර මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කර ගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT