Thursday, May 15, 2025
Home » දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරුවක්
ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ

දත්ත එකතුව ඉන්දීය සමාගමකට දුන් කතාව බොරුවක්

-නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න

by sachintha
January 15, 2025 1:34 am 0 comment

නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස වන විට එම කටයුතු සම්පූර්ණ කිරීමටත් අදහස් කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා පැවැසීය. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණ, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනීමේ පියවරයන් තුනක් අනුගමනය කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය. මේ වන විටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබා ගැනීමට තීරණය කර ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදු කරන පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT