ඉන්දියාව සහ සිංගප්පූරුව අතර රාජ්‍යතාන්ත්‍රික බැඳීමේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් සිංගප්පූරුවේ ජනාධිපති ධර්මන් ෂන්මුගරත්නම් අද සිය පළමු ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ සංචාරයේදී බලශක්ති, කාර්මික අංගණ සහ නිපුණතා වර්ධනය වැනි සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍රයන් ඉලක්ක කරමින් දෙරට අතර සබඳතා ඉහළ දැමීම එම සංචාරයේ අපේක්ෂාව වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ වසරට නියමිත ඉන්දීය- සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික බැඳීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් වසර පුරාවට වැඩසටහන් මාලාවක් පෙළ ගස්වා ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය.
සිය සංචාරය අතරතුර සිංගප්පූරුවේ ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනිය දෞපදි මුර්මු මුණ ගැසීමට නියමිතව ඇති අතර, ඉන්දියාවේ ඉහළම මට්ටමේ ආර්ථික විශේෂඥවරුන් හා වෘත්තිකවේදීන් ද හමුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මේ වසර අවසානයේදී සිංගප්පූරුවේ අගමැති ලෝරන්ස් වොං ද ඉන්දියාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන අතර, ඉන්දියාව සහ සිංගප්පූරුවේ අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවක් ද මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.