පෘතුවියේ උපන් දින සැමරුමක් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා විසින් පසුගියදා (04) සංවිධාන කර තිබූ අතර, එය රාජගිරිය සපුමල් පෙදෙසේ පිහිටි තාරකා නිවෙසේදී පැවැත්විණි.
වසර හාරසියයකට පමණ පෙරදී නූතන කැලැන්ඩරය හෙවත් දින දර්ශනය භාවිතයට පැමිණ වසරේ මුල් දිනය ජනවාරි මස 01 වැනිදා ලෙස යොදා ගත්තද පෘථිවිය තම පාලකයා වන සූර්යා වටා එක් වටයක් සම්පූර්ණ කරමින් නූතන යුගයේදී සූර්යාට උපරිමයෙන් ළංව නැවත අලුත් ගමනක් අරඹනු ලැබුවේ ජනවාරි මස 01 වැනිදා නොව ජනවාරි 04 වැනිදා බව තාරකා විද්‍යා අනුර සී. පෙරේරා මහතා පවසයි. එබැවින් පෘථිවියේ උපන්දිනය සමරන්නේ එදින බව ඔහු සඳහන් කළේය.
චාන්ස් ස්පෝට් අධිපති ලසන්ත අමරසිංහ, ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න, හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, විද්‍යා ලේඛක රුසින් තත්සර මහත්වරුන් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.