Tuesday, May 6, 2025
Home » අගමැති කාර්යාලයේ තෛපොංගල් උත්සවයෙන්

අගමැති කාර්යාලයේ තෛපොංගල් උත්සවයෙන්

by sachintha
January 15, 2025 1:01 am 0 comment

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවියගේ ප්‍රධානත්වයෙන් අගමැති කාර්යාලයේදී ඊයේ (14) පැවැත්විණි.

පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍රවලට මුල්තැන දෙමින් උත්සවය සැමරීම සිදු කෙරිණි. අගමැති කාර්යාලයේ නිලධාරින් විසින් නර්තන හා ගායන අංග කිහිපයක් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු විය.

ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහත්වරුන් ඇතුළු අගමැති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT