Home » ශ්‍රී ලංකාව තවත් චීන සංචාරකයින් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාව තවත් චීන සංචාරකයින් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

by chanaka
January 15, 2025 10:56 am 0 comment

චීන සංචාරකයින් සඳහා වීසා සහ සෘජු ගුවන් ගමන් සම්බන්ධයෙන් වඩාත් ලිහිල් කොන්දේසි නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් එමඟින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා වඩාත් කැමති තේරීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා ෂින්හුවා ප්‍රවෘත්ති නියෝජිත ආයතනයට අදහස් දක්වමින් මේ බව සදහන් කර ඇත.

“මම චීනය පුරා පාහේ සංචාරය කර ඇති අතර, විවිධ සංස්කෘතිය, ආහාර සහ මිත්‍රශීලී මිනිසුන්ගේ සුන්දරත්වය ගැන පැහැදුණා. ශ්‍රී ලංකාවේ දර්ශන සහ සංස්කෘතිය අත්විඳීමට වැඩි වැඩියෙන් චීන සංචාරකයින් මගේ රටට පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ” යනුවෙන් ද ආචාර්ය රුවන් රණසිංහ මහතා එහිදී සදහන් කළේය.

2014 වසරේ දී තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ ආචාර්ය රුවන් රණසිංහ මහතා චීන රජයේ ශිෂ්‍යත්වයක් ලබමින් සංචාරක කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් හැදෑරීමට සිචුවාන් විශ්වවිද්‍යාලයට ගියේය.

ඔහු චීනයේ රැඳී සිටි කාලය තුළ චීන සංචාරකයින් ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන ආකාරය ද අධ්‍යයනය කර තිබුණි.

2017 වසරේ දී චීනය, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ දෙවන විශාලතම මූලාශ්‍රය බවට පත් වූ අතර, වසර පුරාවට චීන සංචාරකයින් 260,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ. කෙසේ වෙතත් අනතුරුව කොවිඩ් වෛරස ව්‍යාප්තිය හා ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අස්ථාවරත්වය සමඟින් මෑතකාලීනව ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව කලක සිට තියුනු ලෙස පහත වැටී තිබුණි.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ චීනය අතර සමීප ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික හුවමාරුවක් පවතින බවයි.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ. වෙළෙඳ හා ආයෝජන, ප්‍රධාන ව්‍යාපෘතිවල සහයෝගිතාව සහ සංස්කෘතික සහයෝගීතාව ඇතුළු අංශ රැසක වැඩි ප්‍රතිඵල අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සහ චීනය මෙහිදී අපේක්ෂා කරන බව රණසිංහ මහතා පැවසීය. සංචාරක හුවමාරුව, ද්විපාර්ශ්වික සබඳතා නව ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීම ද ඒ අතරින් විශේෂිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT