Home » වැටී ඇති තැනින් රට ගොඩනැඟීමට අවශ්‍ය හරි දේ කරගෙන යනවා

වැටී ඇති තැනින් රට ගොඩනැඟීමට අවශ්‍ය හරි දේ කරගෙන යනවා

-මන්ත්‍රී රවි කරුණානායක

by sachintha
January 15, 2025 1:21 am 0 comment

රට වැටී ඇති තැනින් ගොඩනැඟීමට අවශ්‍ය හරි දේ කරගෙන යන බවත් එය වෙනස් කිරීමට උත්සාහ කළොත් නැවත රට වැටෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.

තෛපොංගල් දින සැමරුමට කිරුලපන මයුරපාද කෝවිලට ඊයේ (14) ගිය අවස්ථාවේදී රවි කරුණානායක මන්ත්‍රීවරයා එසේ පැවසුවේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

මම කියන්නේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා. ප්‍රායෝගිකව රටක් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. ජනතාවගේ අසීමිත ඉල්ලීම්වලට සීමිත සම්පත් තුළින් මේ ගමන ගෙනියන්න අවශ්‍යයි.

මේක තමයි නිදහසේ ඉඳන් හැම ආණ්ඩුවකටම වෙලා තිබෙන දේ. ඉතින් මේක තුළ මේ ඔක්කොම සම්පීන්ඩනය කරාට පස්සේ යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒ යන මාර්ගය තමයි මේ. කෙටි කාලය තුළ බංකොලොත්භාවය තුළ වෙනින් විකල්ප නැහැ. මේ යන මාර්ගය බොහොම සියුම්. ඒක හරියාකාරව ගෙනිච්චේ නැත්නම් ඒකෙ ප්‍රතිවිපාකය ආයිත් එනවා. ලෙහෙසි ගමනක් නොවෙයි මේක.

මේ රට වැටෙන්න ඉඩ දෙන්න බැහැ. අපි හිතන විදිහට මේක හරි මාර්ගයට යන්න පුළුවන් වන්නේ හරි දේ කිරීම තුළින් විතරයි.

මොකක්ද හරි දේ, ඒ හරි දේ දැන් කෙරීගෙන යනවා, මේක වෙනස් කරන්න පටන් ගත්තොත් තමයි ප්‍රශ්න ඇති වන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT