ගොයම් කොළ හකුළන පණුවන් වර්ග කිහිපයක් තම ගොයමට හානි කරන බව මහවැලි එච්. කලාපයේ ගොවිහූ පවසති.
අධික වියදමක් දරමින් මාස ගණනක් දුක්විඳ රැකගත් ගොයමට මේ අයුරින් පණුවන් හානි කිරීම නිසා තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. සුදු හා කළු යන පාට වර්ගවල පණුවන් තම ගොයමේ දක්නට ඇතැයි ද ඔවුන් ගොයම් කොළයේ රැඳී සිටිමින් ඒවා අනුභව කරන බව පවසන ගොවීන් කියන්නේ තමන් අධික ලෙස ණය වී විවිධ පිරිස් විසින් පවසන තෙල් වර්ග මේ සඳහා භාවිත කළ ද ඉන් කිසිදු පලක් නොමැති බවයි.
තමන් ගොයමට යොදන විටමින් වර්ග නිසි පරිදි ගොයමට උරා ගැනීමට ඉඩනොදී පණුවන් විසින් ඒවා විනාශ කර දැමීම හේතුවෙන් ගොයම් ගස් කහගැන්වී දිරාපත් වන වන බව ද ගොවීහු පවසා සිටිති.
මෙම හඳුනා නොගත් පණු විශේෂය සිදු කරන හානිය නිසා මෙවර අස්වැන්න අනිවාර්යයෙන්ම පහත වැටෙන බවත් මෙම අවනඩුව ඉදිරිපත් කිරීමට සිටින නිලධාරින්ටද මේ සම්බන්ධයෙක් කිසිදු දැනුමක් නොමැති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
රාජාංගණය සමූහ – නුවන් කුමාර