Home » ඉදිකිරීම් නැවතුණු බුලත්කොහුපිටිය තේ කම්හල විනාශ මුඛයේ

ඉදිකිරීම් නැවතුණු බුලත්කොහුපිටිය තේ කම්හල විනාශ මුඛයේ

-ප්‍රදේශවාසීහු පවසති

by sachintha
January 15, 2025 1:06 am 0 comment

බුලත්කොහුපිටිය, පහළ නෙව්ස්මියර් ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන්ගේ තේ ශක්ති අරමුදලින් හා කොටස් මුදල්වලින් තේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට 1996 වර්ෂයේ වැඩ ආරම්භ කර අතරමඟ නවතා දමා ඇති බවත්, අද වන විට මේ අඩක් නිමකර ඇති කර්මාන්තශාලාව විනාශ වෙමින් පවතින බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් කිහිපදෙනකු මෙසේ අදහස් දැක්වීය.

ඌරුමීවෙල කුඩා තේවතු සමිතියේ සාමාජික පියරත්න බණ්ඩාර මහතා

“බුලත්කොහුපිටිය අවට නාරංගල, නෙව්ස්මියර්, දේදුගල, නෙළුවක්කන, උඩුව, තුම්බාගේ, බුලත්කොහුපිටිය, ගැටියමුල්ල, ඌරුමීවෙල, පිට්ටෑගම, රංගල්ල වැනි ප්‍රදේශවල විශාල වශයෙන් කුඩා තේවතු හිමියෝ ඉන්නවා. ඒ අයගේ තේ දලු ගැනීමට තමයි පහළ නෙව්ස්මියර් තේ කර්මාන්තශාලාව ආරම්භ කළේ. නමුත් අවාසනාවකට අතරමඟ ඉදිකිරීම් නැවතුණා. අද වන විට මේ ගම්මානවල ජනතාවගේ තේ දලු කිලෝමීටර් 50ක්, 60ක් දුරින් ඇවිත් අරන් යනවා. එහෙම යනකොට දලු පොඩි වෙලා, තැළිලා විනාශ වෙලා යනවා. ගුණාත්මකභාවය නැති වෙලා යනවා. කොහොම නමුත් පහළ නෙව්ස්මියර් අඩක් නිම කළ තේ කර්මාන්ත ශාලාව විනාශ වෙනවා. කෝටි ගණනක් වටිනා දේපොළක් මේ ගොඩනැඟිල්ල. අද වෙනකොට හරක් බඳිනවා, වාහන ගාල් කරනවා, අපචාර ක්‍රියා සිදු කරන තිප්පොළක් බවට පත් වෙලා තියෙන්නේ. අපි වර්තමාන ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.”

එච්.එම්.එම්. හේරත් විමලවීර මහතා –

“කෝටි ගාණක දේපොළක් එතන විනාශ වෙනවා රුපියල් පනහක වටිනාකමක්වත් නැති විදිහට. අපේ රටට ආදායමක් එන ප්‍රධාන ආදායම් මාර්ගයක් තමා මේ තේ දලු. අපි ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා.”

මේ පිළිබඳව කළ විමසීමක දී අදහස් දැක්වූ බුලත්කොහුපිටිය හා යටියන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතා කීවේ, මේ වන විට ඒ සම්බන්ධයෙන් තත්ත්ව විශ්ලේෂණයක් ආරම්භ කර ඇති බවයි.

බුලත්කොහුපිටිය සමූහ – ඩබ්. රෝහණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT