ඇමරිකා එක්සත් ජනපදයේ ‘විෂ් කොලිෂින්’ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ලොව පුරා සෞඛ්‍යය, ජන ජීවිතය, ආහාර පුරුදු හා සංස්කෘතිය පිළිබඳ අධ්‍යායනය කරමින් යන අතරවාරයේ පසුගියදා මෙරටට පැමිණ තිබේ. ඒ අනුව කඳුකරයේ ග්‍රාමීය ජනාවාසවල සෞඛ්‍ය තත්ත්වය, පුරුදු, ආහාර සංස්කෘතිය, සමාජ හා ජනතා ආකල්ප මෙන්ම අධ්‍යාපනය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මෙම පිරිස හැටන්, කලවැල්දෙණිය ගම්මානයේ දින තුනක කාලයක් රැඳී සිට තිබේ. මෙහිදී ග්‍රාමීය ජනතාවගේ නිවාසවලම රැඳී සිටිමින් මෙම තරුණ තරුණියෝ පිරිස ගම්වැසියන් සමඟ සුහඳව කටයුතු කළ අතර ඔවුන්ගේ අනුග්‍රහයෙන් පොදු කටයුතු රැසක් සිදුකෙරිණි.
මෙහිදී හැටන් කලාපයට අයත් කලවැල්දෙණිය විද්‍යාලයේ අවපැහැ ගැන්වී තිබූ ප්‍රධාන ශාලාවේ බිත්ති තීන්ත ආලේප කර අලංකාර කිරීම, අබලන්ව කැඩි බිඳී ගොස් තිබූ එම විදුහලේ පානීය ජල නල පද්ධතිය නවීකරණය කිරීම හා විද්‍යාල භූමි පරිශ්‍රය පවිත්‍ර කිරීම ද ග්‍රාමීය ජනතාව සමඟ සිදුකෙරිණි. සර්වෝදය ප්‍රධාන කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම තරුණ කඳවුර සඳහා කලවැල්දෙණිය ශ්‍රමදාන සමිතිය සත්කාරක දායකත්වය සැපයීය.
හැටන් – චන්දන ජයවීර