කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් වැල්ලව, බමුණාපොත කනිෂ්ඨ විද්‍යාලයේ ගොඩනැඟිලි දෙකක් කිසිඳු ප්‍රයෝජනයකට නොගෙන වසර 34කට අධික කාලයක් තිස්සේ වසාදමා ඇති නිසා අද වනවිට විනාශයට යමින් පවතී.
වැල්ලව ප්‍රදේශයේ පැරණිම විද්‍යාලයක් වූ බමුණාපොත කනිෂ්ඨ විද්‍යාලය, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ද හිටපු ඇමැතිවරයකු වශයෙන් ද කටයුතු කළ අභාවප්‍රාප්ත ඩී.බී. වෙලගෙදර මහතා විසින් ප්‍රථමයෙන් ඉදිකර ආරම්භ කරනු ලැබ ඇති අතර එය 1990 වසරේ සිට වසාදමා තිබේ. ඒ හේතුවෙන් බමුණාපොත ප්‍රදේශයේ දරු දැරියන්ට විවිධ දුෂ්කරතා මධ්‍යයේ වෙනත් පාසල් කරා යෑමට සිදුවූ බව ප්‍රදේශවාසීහු කීහ.
අද වන විට පාසලේ තිබූ ගොඩනැඟිලි දෙකම විනාශ වෙමින් පවතින බවත්, පාසල් භූමිය ද කැලයට යටවෙමින් පවතින බවත් පැවසූ ප්‍රදේශවාසීහු පෙන්වා දෙන්නේ, මෙම ගොඩනැඟිලි දෙක සුළු අලුත්වැඩියාවක් කිරීමෙන් ප්‍රයෝජනයට ගත හැකි බවයි.
කටුපොත විශේෂ – බී.ඒ.එන්. ශාන්ත කුමාර