Sunday, May 11, 2025
Home » සුධීරගම ‘සුව සහන’ ගිලන් රථ සේවයට තලාකොළහේන සණස සමිතියෙන් ඉන්ධන

සුධීරගම ‘සුව සහන’ ගිලන් රථ සේවයට තලාකොළහේන සණස සමිතියෙන් ඉන්ධන

by sachintha
January 15, 2025 1:17 am 0 comment

කොටවෙහෙර සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ විසින් අසරණ රෝගීන් සඳහාම අරඹන ලද ‘සුව සහන’ නොමිලේ ගිලන් රථ සේවාවට සහාය දක්වමින් මසකට රුපියල් විසි දහසක් බැගින් ලෙස වසර පුරාවට ලබා දෙන ඉන්ධන පරිත්‍යාගයක් සී /ස තලාකොළහේන සණස සමිතිය විසින් පරිත්‍යාග කෙරිණි.

කොටවෙහෙර සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ විහාරාධිපති මහමිතව පඤ්ඤරතන හිමියන් විසින් සිය වටිනා මෝටර් රථය විකුණා මීට මාස හයකට පමණ පෙර අරඹන ලද නොමිලේ ගිලන් රථ සේවාව පවත්වා ගෙන යමින් අසරණ රෝගී ජීවිත බේරා ගැනීමට එම හිමියන්ට සහාය දීම සඳහා තලාකොළහේන සණස සමිතිය විසින් මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.

වකුගඩු, පිළිකා, අංශභාග ඇතුළු විවිධ රෝගාබාධ තත්වයන්ට ප්‍රතිකාර සඳහා කුමන දුරක වුවද රෝගියා රෝහල්ගත කිරීම සඳහා සහාය වීම සඳහා මෙම සුව සහන නොමිලේ ගිලන් රථ සේවාව මේ වන විට ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවාවක්ද ඉටු කරමින් පවතී.

නිකවැරටිය – ගයන්දි පමෝධා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT