Sunday, May 11, 2025
Home » කෑගල්ල නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩ අරඹයි

කෑගල්ල නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වැඩ අරඹයි

by sachintha
January 15, 2025 1:18 am 0 comment

කෑගල්ල කලාපයේ නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස පත්වීම් ලැබූ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ජී.ආර්.එස්. මාධවී වෙළගෙදර මහත්මිය ඉකුත්දා සිය තනතුරෙහි රාජකාරි භාර ගත්තාය. 2005 වර්ෂයේ අධ්‍යාපන පරිපාලන සේවා විවෘත විභාගය සමත්ව කෑගල්ල අධ්‍යාපන කලාපයේ සහකාර නියෝජ්‍ය හා අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති වෙළගෙදර මහත්මිය, 2016 වර්ෂයේ සිට 2021 දක්වා මාවනැල්ල කලාප අධ්‍යක්ෂ ලෙස සේවය කළාය. අනතුරුව කෑගල්ල කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

 

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT