Home » අඩක් නිමවූ නිවෙස ගිනිගෙන විනාශයි

අඩක් නිමවූ නිවෙස ගිනිගෙන විනාශයි

-දරුවන් තිදෙනාට පිහිටක් වන්න

by sachintha
January 15, 2025 1:19 am 0 comment

අගලවත්ත මහගම ඉලුක්කැටියකන්ද නිවෙසක් ඉකුත් දින පස්වරුවේ නිවැසියන් නිවෙසේ නොමැති අවස්ථාවක ගිනිගෙන තිබේ. මේ බව දැක අසල්වැසියන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දන්වා නිවෙස් හිමියන් සොයා දැනුම්වත් කර ගින්න නිවීමට කටයුතු කර ඇත.

ඒ වන විටත් ගින්නෙන් නිවෙසේ විශාල ප්‍රමාණයක් ගිනිබත් වී තිබුණි. වැඩ නිම වී නොමැති නිවෙසේ සියලුම බඩුමුට්ටු දොරගුළු දමා ඇති එකම කාමරයක දමා ඇත. එම කාමරයට ගිනි ඇවිළීම හේතුවෙන් එහි තිබූ අල්මාරිය, ඇඳන් සහ පාසල් යන දරුවන්ගේ පොත්පත් සහ ඇඳුම් සියල්ල ගින්නට හසු වී අළුවී තිබුණි. ඔවුන්ට ඉතිරි වී ඇත්තේ නිවෙසින් පිටවන විට ඇඳගෙන තිබූ ඇඳුම් පමණයි. පාසල් යන මෙම වයස අවුරුදු 19,16 සහ 9 වන දරුවන් තිදෙනාට කිසිවකුගේ උපකාරයක් ලැබෙන්නේ නම් ඉදිරි අධ්‍යාපන කටයුතු කර ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බව ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

අගලවත්ත – ජේ.ඒ.ඩී. මහීපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT