මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් වශයෙන් අභිනවයෙන් පත්කරන ලද, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන දම්සර කරුණාජීව ලන්දගේ මහතා පසුගියදා කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වැඩ භාර ගත්තේය. ප්‍රාදේශීය ලේකම් වශයෙන් පත්වීමට පෙර ඒ මහතා දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ව්‍යාපාර පරිපාලන) විශේෂවේදී මූලික උපාධිය හිමිකරගෙන ඇති හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි. අකුරැස්ස මාර/මාරඹ කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හෙතෙම ද්විතීයික අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන් ලබා තිබේ.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු