39
විවාහ වී මාස දෙකකින් ජීවිතය කලකිරුණු 19 හැවිරිදි අයෙකු පෙරේදා (13) යාපනයේදී දුම්රියකට පැන සියදිවි හානි කරගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මීසාලේ ප්රදේශයේ පදිංචිව සිටි නවරත්නම් නවාස්කරන් නමැති අයෙකි. ඔහු බිරිය සමඟ ඇතිකර ගත් ආරවුලකින් පසුව කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.
වහාම දුම්රිය නවත්වා මියගිය පුද්ගලයාගේ මළ සිරුර කොඩිගාමම් දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් භාර දී තිබේ.
කොඩිගාමම් පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
උතුරු පළාත් විශේෂ-රසුල දිල්හාර ගමගේ