Tuesday, May 6, 2025
Home » සාන්ත ජෝශප් පිලේ යෙනුලගෙන් දෙවැනි ශතකය
19න් පහළ ක්‍රිකට්

සාන්ත ජෝශප් පිලේ යෙනුලගෙන් දෙවැනි ශතකය

by sachintha
January 15, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ

තම දෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලයේ යෙනුල දෙව්තුස සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව දස්කම් දැක්වූ යෙනුල දෙව්තුස ලකුණු 138ක් රැස් කළ අතර, පන්දුවෙන් ද කැපීපෙනෙන දස්කම් දැක්වීය. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විමාත් දින්සර කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ශතකයක් රැස් කළ අතර, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ප්‍රවිෂ්ක නදීන් ද පිත්තෙන් දස්කම් දැක්වීය.

මෙම තරගවලදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මාතර රාහුල විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව පූර්ණ ජය වාර්තා කළ අතර අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.

සා. ජෝශප් – රාජකීය තරගය

ජය පරාජ නෑ

කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය: පළමු ඉනිම – 308/9 (පන්දුවාර 81.4) යෙනුල දෙව්තුස 138, රිෂ්ම අමරසිංහ 69, සෙනුජ වැකුණුගොඩ 34, අභිෂේක් ජයවීර 28, රමිරු පෙරේරා 80/3, යසිඳු දිසානායක 7/2, දුෂේන් උඩවෙල 59/2

කොළඹ රාජකීය විද්‍යාලය: පළමු ඉනිම – 375/7 (පන්දුවාර 111.2) විමාත් දින්සර 122, රෙහාන් පීරිස් 56, ඉසුල ගීගනගේ 49, රමිරු පෙරේරා 31, යසිඳු දිසානායක නොදැවී 37, තෙවිඳු වේවැල්වල 30, යෙනුල දෙව්තුස 100/3, නිම්තක ගුණවර්ධන 47/2

පීතර – නාලන්දා ජය පැරදුමෙන් තොරයි

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය: පළමු ඉනිම – 263 (පන්දුවාර 63) ලෂ්මික පෙරේරා නොදැවී 76, ඩිලන දම්සර 55, ඉනෝෂ් පීටර්සන් 37, සවි ප්‍රනාන්දු 29, අසදීස ද සිල්වා 20, ජොශුවා සෙබස්තියන් 20, මල්ෂ ප්‍රනාන්දු 20/5. හසිත් රත්නායක 61/2 සහ දෙවැනි ඉනිම – 166/5 (පන්දුවාර 48.4) අසදීස ද සිල්වා නොදැවී 60, ජොශුවා සෙබස්තියන් 41, ඔවින් සල්ගාදු 20, මල්ෂ ප්‍රනාන්දු 59/3

කොළඹ නාලන්දා විද්‍යාලය: පළමු ඉනිම – 182 (පන්දුවාර 54.1) මනුප මන්මිත 80, සදෙව් සමරසිංහ 23, තිමාත් හේරත් 21, තරීන් සංකේත් 8/3, ජොශුවා සෙබස්තියන් 48/3, ඩිලන දම්සර 62/2 සහ දෙවැනි ඉනිම – 18/1 (පන්දුවාර 4)

තක්ෂිලාවට ලකුණු 104ක ජයක්

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය: පළමු ඉනිම – 246 (පන්දුවාර 72.2) රෂාන් දීමන්ත 74, තෙනූෂ තත්සර 38, චමෝද් මිහිරාන් 33, කුෂාන් තීක්ෂණ 33, ජනිරු සෙව්මින් 23, උචිත් නෙත්සර 63/5, ජනිරු විජේවර්ධන 6/2

සහ දෙවැනි ඉනිම – 152/9 (පන්දුවාර 33.4) ඔමලික අමරසිංහ 65, තෙනූෂ තත්සර 28, උචිත් නෙත්සර 46/5, ජනිරු විජේවර්ධන 29/4

මාතර රාහුල විද්‍යාලය: පළමු ඉනිම – 152 (පන්දුවාර 42.1) ජනිරු විජේවර්ධන 42, සදෙව් ගමගේ 41 යසිරු රත්නායක 22/5, චමෝද් මිහිරාන් 38/2 සහ දෙවැනි ඉනිම – 142 (පන්දුවාර 40.5) සසිනු බැට්ටගේ 70, ජනිරු විජේවර්ධන 20, රෂාන් දීමන්ත 18/3, සන්දිත් රණවීර 12/2, කුවිඳු මධුභාෂ 21/2, ජනිරු සෙව්මින් 21/2

වත්තල ලයිසියම්ට ඉනිමක සහ ලකුණු 51ක ජයක්

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය: පළමු ඉනිම – 128 (පන්දුවාර 56.4) නිසිත් තේජව 25, රවිඳු ද සිල්වා 20, කවිදු සිල්වා 25/4, තරුෂ රණසිංහ 22/3, රසිත් නිම්සර 27/2 සහ දෙවැනි ඉනිම – 99 (පන්දුවාර 50.5) නිසිත් තේජව 31, දනිඳු ඉනෝෂ 28, රවිඳු ද සිල්වා 24, කවිදු සිල්වා 27/5, තරුෂ රණසිංහ 49/5

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල: පළමු ඉනිම – 278/9 (පන්දුවාර 65.4) ප්‍රවිශ්ක නදීන් නොදැවී 102, තරුෂ රණසිංහ 68, සවිදු සිල්වා 27, ගගන් පෙරේරා 23, කෙවින් පෙරේරා 22, රවිඳු ද සිල්වා 77/4, මිණිඳු ඕෂධ 48/3.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT